Friday, May 19, 2017

අපේ කැරකෙන කූඩුව.

මන් ජිවිතේ පලවෙනි වතාවට කැරකෙන කූඩුවක් කියලා එකක් දැක්ක දා ඉදන්ම කල්පානා කරේ හා හෙවුවේ කොහොම ද කැරකෙන කූඩුවක් හදන්නේ කියන එක ගැන.ඒ අදහස වෙසක් කාලෙට විතරක් මතුවෙලා උත්සාහයේ හා දැනුමේ ඇති වූ යම් යම් මදිපුන්චි කම් නිසා ඒ අදහස ආයෙත් නැතිවෙනවා හරියට කාලෙකට පිපෙන මලක් වගේ තමා ඒත් මේ වෙසක් එකට කොහෙන් දෝ ආව අද හසක් ....

දවස් දෙක තුනක් කල්පනා කරලා අපේ එක්කෙක් ගෙන් උද්වුවුත් මත කොහොම හරි.බයිසිකල් රිම් එකක් හොයාගෙන ඒක අදුනන කොල්ලෙක්ට කියලා පාස්සලා ගත්තා.ඒට පස්සෙ කඩෙන් සිමෙන්ති කිලෝ පහකුත් ගෙනල්ලා රිම් එක ගානට ය්සට තියලා කොන්ක්‍රීට් එකක් දාගත්තා.
කොහොමහරි කරුමෙක මහත කියන්නෙ .පහුවදා රිම් එක උස්සද්දී රිම් එක ගැලවිලා අතේ.අයේ උතින් දාපු කොන්ක්‍රීට් එක ගලවලා ආයෙත් කෑලි බෑලිටික අරන් ගිහින් පාස්සගෙන ආව.අයෙත් කොන්ක්‍රීට් එක දාලා කොහොම හරි වැඩේ කර ගත්තා.
           ඉට පස්සෙ තිබ්බෙ හිතේ මැවිච්ච විදියට කූඩුව හදන් එක .කොහොම හරි සතියයි ද්වස් තුනක් කට්ටක් කාලා කූඩුවත් හදා ගත්තා.

ඉටපසේ තිබ්බෙ වයරින් වැඩේ කැරකෙන කූඩුවක් නිසා පිටින් ඉදන් ඇතුලට වයර් අදින්ඩත් බෑ ඇයි
ඉතින් කූඩුව කැරකෙද්දී වයර් එක එතෙනවානේ.
ඒකට කරේ රිම් එකට අගල් දෙකක් බටයක් පාස්ස ගෙන ඒකට අගල් දෙකේ pvc බටයක් රදවලා එකේ යකඩ පතුරු දෙකක් හයි කරා N,L වලට එකෙන් වර් කෑලි දෙකක් කූඩුව උඩට ඇද්දා.දැන් තියෙන්නෙ අර PVC බටේට හයි කරපු යකඩ කෑලි පතුරු දෙකේ ගෑවෙන විතියට ස්පෝර්ක් කම්බි දෙකක් වෙනම් ස්ටෑන්ඩ් එකක් රදවා ගන්න එක ඒකට ගත්තේ 2"*1" ප්‍රමානෙයේ අගල් 6ක් උස
ලීවලින් හදපු ස්ටෑන්ඩ් එකක.ඉතින් කූඩුව කැරකෙද්දී මේ ස්පෝර්ක් කම්බි දෙක අර යකඩ පතුරු දේ ඝෑවීගෙන කැරකෙනවා.

ඔය විදියට තමයි මේකේ බල්බ් වල වැඩ සිද්ද උනේ ඊට පස්සෙ තිබ්බෙ කූඩුව කරකවන එක මේකට ගත්තේ විදුලි පන්කාවක් (fan)මොටරෙ ගලවනෙ නැතුව තටු කොටස ගලවලා ඒ ඇක්සල් එක වටේට රබර් ටියුබ් පටියක් ඔතාගෙන ඒ කැර කෙන ඇක්සල් එක බයිසිකල් රිම් එකේ ගෑවෙනන විදියට හදා ගන්ඩ ඔනේ එතකොට fan ඇක්සල් එක කැරකෙනවා එක නිසා රිම් එක කැරකෙනවා ඔන්න ඔහොම තමා වැඩේ සිද්ද උනේ..(*මේ ක්‍රමේට නෙමේ ලොකු කූඩු කැරකවෙන්නෙ ඒ ක්‍රමේ රූප කීපයකුත් මන් පහලින් දාන්නම් .මේ ක්‍රමයේ අවාසි තමා කූඩුවේ බර ගොඩාක් අඩුව් වෙන්ඩ ඔනේ නැත්තම් ඒක මෝටරේට අහිතකර විදියට බලපාන්ඩ පුලුවන් අනිත් කාරනේ තමා වේගේ පොඩ්ඩක් වැඩී.ඒක පහල ලින්ක් එකේ මන් හදපු කූඩුව කැරකෙන වීඩියෝ එකේ තියනවා ඒක ලොකූ ගැටලුවක් නේමේ.)

Saturday, April 15, 2017

ගීසාහි මහා පිරමීඩය හා එහි ජ්‍යාමිතික පසුබිම

ඊජිප්තුවේ පිහිටා ඇති විශාලතම පිරමීඩය වන්නේ කුෆු (khufu) නම් පිරමීඩයයි එය "ගීසාහි මහා පිරමීඩය "ලෙසින් හදුන් වයි.මෙය ක්‍රී.පූ 2589-2566 අතර කාලයේදී ඊජිප්තු පාලක ඛුෆු රජතුමා විසින් සාදන ලදී බව සාමන්‍ය පිළිගැනීමයි.
සාදන ලද කාලයේදී එහි උස අඩි 481ක්  වූ අතර වර්තමානයේ උස අඩි 449 කි ,එකල එහි එක් පැත්තක දිග අඩි 754ක් වූ නමුත් දැන් පැත්තක දිග අඩි 745 කි. පැත්තක ආනතිය 51° 51´ කි.දැනට සාදා ඇති ඇස්තමේන්තු අනුව ඒ සදහා කළුගල් හා හුනු ගල් කුට්ටි මිලියන2.3 ක් යොදා ගෙන ඇති බවට ඇස්තමේන්තු කර ඇත.එමෙන් ම එක කුට්ටියක බර ටොන් 2.5-1.5 අතර වේ.

නයිල් මිටියාවතහි නැපෝලියන් බොනපාට් නම් රණකමියා විසින් සකස් මිනිසුන් යොදවා සකස් කළ සිතියමකට අනුව මෙම පිරමීඩය පිලිබදව කරුනු කීපයක් පැහැදිලි වේ.

•ඛුෆු පිරමීඩයේ මද්‍යස්ථය ඔස්සෙ අදින රේකාවක් දික් කිරීමෙන් ඊජිප්තුව ඇතුලු මුලු නයිල් නිම්නයම සමාන කිටස් දෙකකට බෙදේ.

•පිරමීඩයේ පැති හතරම ඉතාමත් නිවරදිව.පෘතුවියේ චුම්බක ධ්‍රැවයන් ඔස්සෙ ස්ථාන ගතව පවතී.

ඉහත කරුනු වලින් අපට පෙනී යන්නෙ.මෙය සෑදීමේදී පමනක් නොව මෙය ස්තාන ගත කිරීමේදී පවා.මොවුන් ඉතා සූක්ෂම ගනිත ක්‍රමයන් බාවිතා කර ඇති බවයි.එයින් දැන ට විද්‍යාඥයන් විසින් අනා වරනය කරගෙන ඇති ගණිතමය සාදක කීපයක් පහත දැක් වෙ.

මහා පිරමීඩයේ ගණිත ලකුණු.

එදා මෙන් ම අදත් විද්‍යාඥයන් ගේ අදහස වන්නෙ..මෙම පිරමීඩ ජ්‍යාමිතික හැඩ තලයක් වන වෘත්තය හා සබැදුන මිනුම් ක්‍රමයක් බව රදා පවතින බවයි..එනම් එය "ෆයි"( 22/7=3.142857) සමග බද්ධව ඇති බවයි.

ප්‍රායෝගිකව ගත් කල මහා පිරමීඩයේ දිග (l) මෙන් දෙගුනයක්,එහි උසෙන් (h) බෙදූවිට 22/7 නියත අගයට බොහෝ දුරට සමාන වූ අගයක් ලැබෙන බව පෙනේ.

                  22/7  =  2 l / h

ගීසාහි මහා පිරමීඩයේ පැත්තක සාමාන්‍ය දිග අඩි 754 ද උස අඩි 481 ද වශයෙන් ගත් කල කී සමීකරණයකට අනුව අනුපාතය පහත දැක්වෙන පරිදි ගණනය කළ හැක.

                =  754*2/481
              =  1,508/ 481

පිළිතුර = 3.135135  වේ.

ඉහත් පිළිතුර ගත් කල එම අගය වෘත්තය ක සැබදුම් මිනුම ලෙස් ගන්නා 'ෆයි' අගයට බොහෝදුරට සමානවේ

3.142857 [ෆයි අගය]=   3.135135  [ලබාගත්                                             අගය]                   

එසේම මෙහිදී සද හන් කල යුතු වටීනාම කාරනය වන්නෙ මෙම ගනණයන් ලබාගෙන ඇත්තේ දැනට භාවිතා වන "අඩි" නම් මිනුම් ඒකකයෙනි.
නමුත් මෙය "පිරමීඩ අගල්"වලින් ලබා ගෙන නැති හෙයින් මෙහි යම් කිසි ආන්ශික දෝශය්ක් සිදුවී ඇති බව පෙනේ.(අන්තර්ජාලයෙන් ලබා ගත් පරිදි අඩි[feet] හා පිරමීඩ අගල් 25=අගල් 20.634)වෙ.එසේම පිරමීඩයේ දිග හා පලළ පිරමීඩ අෆල් වලින්ම ගත හොත එය ෆයි අගයටම සමාන අගයක් බව නිසැකය.

සවර්ණමය අනුපාතය The Golden Ratio

"සවර්ණමය අනුපාතය"(the golden Ratio )
මෙය පිටසක්වල ජීවීන් (පාරබෞමික) ගේ සම්බන්දතාවයක් ඇති විශ්ව සිද්දාන්තයක් ලෙස සැලකෙන මෙය ගණිතමය නියතයකි මෙය වෘත්තය හා සමචතුරස්‍රාකාර ජාමිතික ගැඩ තලයන්ගෙබ් ගේ සම්බන් ද තාවයක් ලෙස සැලකෙ එය සරලව පැවසුවහොත් එය ආසන්න වශයෙන් 1:6180යන අගයකි.පැරනි ගෘහ නිර්මාණ ශිල්පීන් මෙමෙ අනුපාතිකයට අතිවිශාල ගෞරවයක් හා පිලි ගැනීමකි.

ගීසාහී මහා පිරමීඩයේ ආරම්භක උස අඩි 481 ද, පාදමේ පැත්ත දිග අඩි 754 ද වේ.ඉහත කී දත්තය්න් ට අනුව එහි මද්‍යස්ත ආනතික දිග ගණනය කල විට අඩි 611ක් වේ..ඒ අනුව.

ස්වර්ණමය නියාය (GR)= මද්‍යස්ත ආනතික දිග/පැත්තක දිගෙහි අර්දය(SL/2)

=611/377
=1.620

එනම් මෙම අගය පැත්තක දිගහි අර්දය වන 377 බෙදූවිට ලැබෙන අගය 1:1.620ආසන්න වශයෙන් ස්වර්ණමය නියායට සමානවන බව පෙනේ..

ඒ නිසා ඛුෆු පිරමීඩය (මහා පිරමීඩය) ගොඩනන්වා ඇත්තේ සවර්ණමය අනුපාතයට අනුකූලව න අන්දමේ මිමි වලින් යුක්තබව කිව හැක.

තවත් ලිපියකින් තාක්ෂණි කරුණු ගැන බලාපොරොත්තු වන්න.

Thursday, March 30, 2017

Condenser ධාරිත්‍රක (ඉලෙක්ට්‍රොනික ලිපි අන්ක 05)

Condenser ධාරිත්‍රක

         ධාරිත්‍රකයක් යනු සන්නායක තහඩු දෙකක් අතරට පරිවාරක ද්‍රව්‍යයක් යොදා නිර්මාණය කර ඇති උපකරණය කි.මෙහි ප්‍රධාන කාර්‍යය වන්නේ ආරෝපණය තැම්පත් කරගැනීමය.එබැවින් මෙය ආරෝපන ගබඩාවක් ද කිව හැකිය.ධාරිත්‍රක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
 
              1)ස්තීර ධාරිත්‍රක
              2)විචල්‍ය ධාරිත්‍රක

1) ස්තීර ධාරිත්‍රක
         
              ස්තීර ධාරිත්‍රකයක් යනු ධාරිත්‍රකයේ ධාරිතා අගය නියත මට්ටමක තබගනු ලබන ධාරිත්‍රක වේ.මෙයද කොටස් දෙකකට බෙදනු ලැබේ.
      
         1)ඉලෙක්ට්‍රොලයිටිකල් කන්ඩෙන්සර්
         2)නන් පොලරටරි කන්ඩෙන්සර්

1)ඉලෙක්ට්‍රොලයිටිකල් කන්ඩෙන්සර්
 
               මෙම ධාරිත්‍රකවල විශේෂ තාවය නම් මෙහි + හා - ලෙස අග්‍ර බේදයක් සහිත වීමයි.මෙහි  + හා - අග්‍ර නිවරදිව සම්බන්ධ නිකල විට පරිපථය ක්‍රියා නොකරයි.සමහර අවස්තා වල අප පරිපථ යෙන් බලාපොරොත්තු නොවන අන්දමේ ප්‍රතිදාන ඇතිවේ.මෙමෙ ධාරිත්‍රක යේ බද මත +හා - අග්‍රද එහි දාරිතාවයන් හා නිශ්පාදකයා ගේ දත්ත ද සදහන් කර ඇත

2)නන් පොලිරටරි කන්ඩෙන්සර් (non polyretory condenser)

මෙම ධාරිත්‍රක සාමන්‍ය ධාරිත්‍රක සෙලද හදුන්වයි.මෙම වරගයේ ධාරිත්‍රක බොහෝවිට කුඩා අගයන්ගෙන් නිපදවයි තවද මෙම දාරිත්‍රක පරිපතයට සම්බන්ද කිරීමේදී ඔනෑම අකාරයකට එනම් මෙහි කිසිම අග්‍ර බේදයක් නොමැත .

Saturday, February 18, 2017

ශක්ති සන්වේදී ප්‍රතිරෝධක

*ඉහත ලිපියේ මා සදහන් කල පරිදී මෙහි ශක්ති සන්වේදී ප්‍රතිරෝධක පිලිබදව සවිස්තරාත්මකව දක්වා ඇත.

මෙයද විචල්‍ය ප්‍රතිරෝධක වර්ගයකි .ඉහට සදහන් කල ප්‍රීසෙට් හා ප්‍රොටෙන්ශන් මීටර් අපට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිරෝධක අගය වෙනස් කිරීම සිදුකරත් මෙම ප්‍රතිරෝධක භාහිර බල පෑමක් මත ස්වයංක්‍රීයව ප්‍රතිරෝධී අගය වෙනස් කරගනී.
මෙහිද ප්‍රතිරෝධක වර්ග කීපයක් ඇත
     
1)L.D.R light depended resistor
2)C.D.R current depended resistor                                       
3)V.D.R voltage depended resis           4)T.D.R thermo depended resistor           5)P.D.R pressure depended resistor                            
6)M.D.R Magnetic field depended resistor

ඉහත ප්‍රතිරෝධක පිලිබදව පහතින් සාකච්චා කෙරේ

     1)L.D.R light depended resistor
              
මෙම උපාන්ගය මගින් ආලෝකයට සන්වේදී ලෙස ප්‍රතිරෝධය වෙනස් කරගන්න අතර මෙහි ඇති සන්වේදී පෘශ්ටය මගින් එම කාර්‍ය ඉටුකෙරේ.මෙම පෘශ්ටය මතට ආලොකය වැටුනු විටදී එහි ප්‍රතිරෝධී තාවය අඩුකර ගනී.මෙය ආලෝකයට සන්වෙදී උපකරණය සෑදීමේදී යොදා ගනී   

   2)C.D.R current depended resistor 

මෙම උපාන්ගය මගින් ලාබාදෙන ධාරාව අනුව ප්‍රතිරෝධය වෙනස් කරගනී,එනම් ධාරා ප්‍රමාණය වැඩිවන විට ප්‍රතිරෝධය අඩුකරගන්නා හෝ වැඩිකර ගන්නා ආකාරයට මෙම ප්‍රතිරෝධක නිර්මාණය කර ඇත .මෙම උපාන්ගය බොහෝ විට පවර්ගාර්ඩ් පරිපථ වල භාවිතාවේ.

   3)V.D.R voltage depended resis 

මෙම උපාන්ගය මගින් එයට ලබාදෙන්නා වූ වෝල්ටීයතාවයේ ප්‍රමාණය අනුව ප්‍රතිරෝධය වෙන්ස් කරගනී.මේම උපාන්ගය ද බොහෝවිට පවර්ගාඩ් උපකරන වල භාවිතා වේ.නමුත් මෙම ප්‍රතිරෝධක දෙවර්ගයම නවීන trip switch වල භාවිතාවේ.

   4)T.D.R thermo depended resistor          
  
මෙම ප්‍රතිරෝධකය මතට ලැබෙන්නාවූ උශ්නත්වය මත එහි ප්‍රතිරෝධය වෙනස් කරගනී.මෙහි + උශ්නත්වය සන්ගුනකය හෝ -උශ්නත්ව සන්ගුනකය ලෙස ආකාර දෙකක් පවතී.මෙය සාමාන්‍ය ව්‍යාවහාර යේදී thermister නමින් හැදින්වේ.

  5)P.D.R pressure depended resistor

මෙම ප්‍රතිරෝධක යේ සන්වේදී මුහුනත මත  ඇතිවන්නා වූ පීඩන ය මත ප්‍රතිරෝධ ය වෙනස් කරගනී.මෙම ප්‍රතිරෝධකය පීඩනය වැඩිවන විත ප්‍රතිරෝධක අගය අඩු වැඩි වන පරිදි නිමවා ඇත.නවීන ඉලෙක්ට්‍රොනික තාරාදී වල මෙය භාවිතාවෙ.

6)M.D.R Magnetic field depended resistor

මෙම ප්‍රතිරෝධකය සන්වීදී මුහුනත මත ට ලැබෙන්නාවූ චුම්භක බල මත මෙය ප්‍රතිරෝධක අගය විචලනය කරගනී.

Friday, February 17, 2017

විචල්‍ය ප්‍රතිරෝධක (Variable resistors)

ඉලෙක්ට්‍රොනික ලිපි 2-b

මන් කලින් ලිපියකින් අචල ප්‍රතිරෝධක (fixed resistor )ගැන සදහන් කරා මේ ලිපියෙන් කියන්නෙ විචල්‍ය ප්‍රතිරෝධක පිලිබදවය.
විචල්‍ය ප්‍රතිරෝධක මගින් අපගේ සිතැඟි පරිදි හෝ පරිපථයේ ක්‍රියාකාරිත්වය අනුව යම් ස්ථානයක ප්‍රතිරෝධී අගය වෙනස් කිරීම් සිදුකල හැක.මෙම ප්‍රතිරෝධකයේ උපරිම අගය හා අවම අගය මත විචලනය කල හැකිය .මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
                       1) ප්‍රීසෙට්
                       2)ප්‍රොටෙන්ශන් මීටර්
                       3)ශක්ති සන්වේදී ප්‍රතිරෝධක

ඉහත ප්‍රතිරෝධක වල ප්‍රීසෙට් හා ප්‍රොටෙන්ශන් මීටර් පිලිබදව පහතින් දක්වා ඇති අතර ශක්ති සන්වේදී ප්‍රතිරෝධක පිලිබදව වෙනත් ලිපියකින් දීර්ඝ ව හා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අදහස් කෙරේ..

1) ප්‍රීසෙට් ප්‍රතිරෝධක
 
                 නිතරම අගය වෙනස් නොකල යුතු ස්තානවලට මෙම ප්‍රීසෙට් ප්‍රතිරෝධක භාවිතා කරයි.එනම් යම්කිසි ස්තානයක ප්‍රතිරෝධක අගය නියත අගයක් දක්වා සකස් කර තැබිය යුතු ස්තාන වලදී මෙම ප්‍රතිරෝධක වර්ග යොදා ගැනේ.මෙම අහය විචලනය කිරීම සදහා ඇත්තේ ස්කුරුප්පු නියනකින් කැරකවිය හැකි සිදුරක් වන අතර එය කාබන් කොලරයක් මත ස්පර්ශ වීමෙන් ගමන් කරයි මෙය සම්බන්ධක අග්‍ර තුනකින් යුක්තය.

2)ප්‍රොටෙන්ශන් මීටර්
  
                 ප්‍රොටෙන්ශන් මීටර් යනු සාමාන්‍ය කාර්මිකයන්ගේ ව්‍යවහාරයට අනුව නම් වොල්යුම් කන්ට්‍රෝල් (volume control )යන උපකරනයයි.මෙය යොදනු ලබන්නෙ නිතරම ප්‍රතිරෝධය වෙනස් කලයුතු ස්තාන වලටය.මෙහි කාබන් කොලරයක් ද තහඩු සම්බන්ද කිරීමට ඉද්දකින්ද සමන් විතය.
(බොහෝ දුරට ඔබ මෙය amplify ,computer speakers ,radio වැනි උපකරණය වල දැක ඇත.මෙවා ගෙන ශබ්ද වැඩි අඩු කිරීම වැනි කාර්‍යන් බොහෝදුරට සිදු කරයි)

(ශක්ති සන්වේදී ප්‍රතිරෝධක පිලිබදව තවත් ලිපියකින් දීර්ඝ ව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වේ.)

ප්‍රතිරෝධක හැදින්විම

ප්‍රතිරෝධක යනු සන්නායකයක් තුලින් ගලන්නවූ ධාරාව අපට අවශ්‍ය ප්‍රමාණයට බාධාකාරී බලයක් යොදා ගනිමින් අඩුකිරීමයි.මෙසේ සිදුකරන උපාන්ගය ප්‍රතිරෝධකයක් ලෙස හදුන්වයි.මෙම ප්‍රතිරෝධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

        1)fixed resistors (අචල ප්‍රතිරෝධක)
        2)variable resistors(විචල්‍ය ප්‍රතිරෝධක)

1)Fixed resistors(අචල ප්‍රතිරෝධක)
 
              අචල ප්‍රතිරෝධක යනු පරිපයේ ප්‍රතිරෝධකය යොදන ස්තානයේ අගය නිශ්පාදකයා සදහන් කර ඇති අගයට පමනක් සීමාවන අතර එය අපහට වෙනස් කල නොහැක.මෙවැනි ප්‍රතිරෝධක වර්ග කීපයකි.

1)කාබන් ෆ්ලිම් රෙසිස්ටර් (cabon flim  resistor
2)චැපට් රෙසිස්ටර් (chapat resistor )
3)කම්බි එතූ ප්‍රතිරෝධක (wire wounding resistors
4)විලායක ප්‍රතිරෝධක (fuse resistors)

ඉහත ප්‍රතිරෝධක වල වැඩිදුර තොරතුරු පහත දක්වා ඇත.

1)කාබන් ෆ්ලිම් රෙසිස්ටර් (cabon flim  resistor)

                කාබන් මූලද්‍රව්‍ය සුදුසු බැදුම් ද්‍රව්‍යක් සමග මිශ්‍ර කර එම කාබන් මගින් ප්‍රතිරෝධක බැද නිර්මානය කර ඇත.එහි දෙකෙලවර සම්බන්ධක අග්‍ර දෙකකින් යුක්තය.

2)චැපට් රෙසිස්ටර් (chapat resistor )
 
                 සෙරමික් නලමත ලෝහ ආලේපයක් හෝ කාබන් මගින් ප්‍රතිරෝධක නිර්මාණය කර ඇති අතර මෙහි විවිධ ස්තාන මගින් ටැප් කර ඇත.
මෙම ප්‍රතිරෝධක සාමාන්‍ය ප්‍රතිරෝධක යකට වඩා වැඩි ධාරවක් හා වෝල්ටීයතාවයක් දරා ගැනීමේ හැකියාවක් ඇත.

3)කම්බි එතූ ප්‍රතිරෝධක (wire wounding resistors)

                   සෙරමික් දන්ඩක් මත පරිවාරක කම්බි යොදා මෙම ප්‍රතිරෝධක නිර්මාය කර ඇත.

4)විලායක ප්‍රතිරෝධක (fuse resistors)

                   මෙම ප්‍රතිරෝධක ය යම්කිසි ධාරා ප්‍රමාණයක් ඉක්මවන විට ප්‍රතිරෝධක ය පිලිස්සී පරිපථය විසන්දී වන ආකාරයට නිර්මාණය කර ඇත.මෙමගින් පරිපථ ආරක්ශා කරගත හැක.

විචල්‍ය ප්‍රතිරෝධක පිලිබද විස්තර නව ලිපියකින්.

Thursday, February 16, 2017

ප්‍රතිරෝධක වල අගය කියවීම

ප්‍රතිරෝධකයක අගය මනිනු ලබන්නේ "ඔම්"
නම් ඒකකයෙනි.මෙය ජර්මන් ජාතික විද්‍යාඥයකු වූ සර් ජෝන් සයිමන් ඕම් සිහිවීම පිනිස යොදාගෙන ඇත.ප්‍රතිරෝධකයේ ගුණාකාර පහත පරිදී වේ.
              •1000 OHM    -1 K.OHM
              •1000 K.OHM- 1 M.OHM
              •1000 M.OHM- 1 G.OH

වර්ණය          1තීරුව       2තීරුව        3 තීරුව

කළු                  0                0                  -
දුඹුරු                 1                1                  0
රතු                   2                2      
තැඹිලි               3                3                000
කහ                   4                4              0000
කොල               5                5             00000
නිල්                  6                6           000000
දම්                    7                7         0000000
අළු                   8                8        00000000
සුදු                    9                9      000000000

ප්‍රතිරෝධක වල අගය සෙවීමේදී ඉහත සදහන් වගුව භාවිතා කරයි.අගය සෙවිය යුතු ප්‍රතිරෝධකයේ රන් හෝ රිදී වර්ණ වලල්ල දකුණු පසට වනසේද තබා වම් පසේ සිට අගය කියවනු ලැබේ.අගය කියවීමේදී ප්‍රතම වර්ණ වලල්ලේ අගය සහ දෙවන වර්ණ වලල්ලේ අගය ලියා තෙවන වර්ණ වලල්ලේ අගය වෙනුවට එම අගයේ දහයේ ගුණාකාර යොදනු ලැබේ.
                                              එවිට අගය OHM වලින් ලැබෙන අතර එය K.OHM හා M.OHM වලට පරිවර්තනය කරගත හැක.

(ඔබේ පහසුව සදහා:- ඔයා පාවිචිකරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් උපාන්ගයක් නම් ඔයා ට මේ ප්‍රතිරෝධක අගයන් කියවගන්ඩ ඔනතරම් ඇප්ස් ප්ලේස්ටෝ එකෙන් ගන්ඩ පුලුවන් [ELECTRO DROID] වගේ එව ඒත් මූලික සිද්ධාන්ත දැනගෙන ඉන්න එක ඔයාගේ දැනුමට හොදයි..]